Thursday, October 6, 2016

‘මෝටර් බයිසිකල්’ ආදරයට ලයිසන් නැති කළ හැටි



” බ්රේක් නැති ජීවිතයක… ලයිසන් නැති ආදරය…”


කොළඹ කියන්නේ ඉතාමත් ජනාකිර්ණ,කාර්යබහුල නගරයක්.ඒ නගරය සුන්දරයි කිව්වට ලස්සනයි කිව්වට ඇත්තටම එහෙම නෑ කියලා  මෝටර් බයිසිකල් චිත්‍රපටයෙන් පෙන්නුම් කරනවා.

ඒ රියලිටි ගතියට ඇත්තටම හැමෝම කැමතිය.සංගීතයේ හඩ ජනාකීර්ණ විදී දිගේ යනවා හරි අපූරුවට.ඒවා යන්නේ කොත්තු කඩ, තැබෑරුම්, පදික වේදිකාවල් ඔස්සේ.අන්තිමට නවතින්නෙ රාත්‍රී සමාජ ශාලාවක. පට්ට..එතනින් එහාට සුදුවෑන් කේස් එකක් …දේශපාලනය ඔබ්බවනවා රියැලිටි විදිහට.

මා කාලයකින් දැක්ක නළුවා “රංගන“ව (දසුන් පතිරණ) අපිට මුණගැහෙන්නෙ එතනදි…විචාරකයෙකු දාන්නේ නැති වචන දැම්මා කියලා තරහා වෙන්න එපා.මං විචාරය නම් කරලා නෑ.රංගන කියන්නේ මියුසික් වලට කැමති,සුපර්ස්ටාර් හීනයක් හා මෝටර් බයිසිකලයකට ආසා කරන කොළඹ වත්තක තරුණයෙක්.එහෙම කිව්වොත් මම නිවැරදි.සමහර අය එක එක වතු වල නම් කිව්වම බයවෙනවා.ඒත් බයවෙන්න දෙයක් නෑ.කොළඹ නගරයේ සබ් කල්ට් එකක් තියෙනවා.ඒක විදින්න ලැබෙන්නෙ නෑ හැමකෙනාටම.ඒත් දසුන් සහ ඔහුගේ මිතුරන් ඒක ගානට කරනවා.

අම්මා සතු එකම වස්තුව වු රන්මාලය උකස් තියලා ලියාපදිංචි නොකල වාහනයක් අරං තමන්ගේ පෙම්වතියත් එක්ක බයිසිකලේ නැගලා යන දවස.දසුන් කණ්ණාඩියෙන් තමන් තමන්වම ආත්ම භාෂණයක් කරගෙන.ඒවට කියන්න වචන නෑ.

මම ආසයි බ්‍රේක් ගහන්න පැද්දි පැද්දි හයියෙන් යන්න..

ඕව් ..! අපි ආසයි අජීත් අයියේ උඹේ ඒ හඩට සහ උඹේ මියුසික් වලට.එකෙන්ම.කිසිම පදිරියක් නෑ.මට මතකයි උඹ එක දවසක් එක තැනක (ප්‍රසිද්ධියේ) මෙහෙම දෙයක් කිව්වා.

‘මම මියුසික් කරනවා චිත්‍රපටයකට..මට සල්ලි වැදගත් නෑ.මට ඕනේ හොද සිනමා කෘතියක්.!’උඹට මේක මතක ඇති කියලා මම හිතනවා.

මම හිතනවා මේක උඹට ලැබුණ හොදම සිනමා කෘතියක් කියලා.

සංගීතය මෙන්ම කැමරා ඇස කැමරාකරණය (විශ්වජිත් කරුණාරත්න) නියමයි.ජය එකෙන්ම !

ලංකාවේ ලව් කිරීම තහනම්

ලංකාවේ ආදරය කරන්න තැනක් ඇත්තේම නෑ.ඒවා ගානට ගෙනත් තියෙනවා.හොල් එකට යන්න බෑ කෙල්ල අදුරන කෙනෙක්,පාරේ ඇවිදන් යන්න බෑ කවුරු හරි දක්කොත් ඉවරයි,බිච් එකට යන්න බෑ මයියොක්කා,තැඹිලි බලෙන් දීලා යනවා, රූම් යන්න බෑ කට්ටිය හිතන්නේ වැඩේට යනවා කියලා.නිදහසේ ආදරේ කරන්න ලංකාවේ තැනක් නැති නිසා තමයි පෙම්වතුන් රූම් ගානේ යන්නේ.නැත්නම් ආසාවට නෙමේ. නිදහසේ ආදරයක් විදින්න යන්නේ.

ආදරයට බාධක

කෙල්ල පණ දෙන්න ආදරය කරනවා.ඒත් කොල්ලා බොක්කෙන්ම ලව්.අන්තිමට මොකද වෙන්නේ අපේ ගෙදරින් කැමති නෑ ඔයාට කියලා.කෙල්ල යනවා.කොල්ලා නිශ්ශබ්ද්දයි.නවත්වමු කිව්වම කොල්ලගේ බොක්ක දගලනවා.කතා කරන්න බෑ.බොක්කෙන්ම ලව් නිසා.රංගන (දසුන්) උඹ ඒ ෆීල්න්ග් එක ගේනවා බන් බොක්කටම වදින්න.

කොල්ලගේ ආදරය මෙන්න…රංගනගේ ආදර හීනය

“අපි හැමදාම මේ බයිසිකලේ පදින්නෙ නෑ…ටික දවසකින් මේක විකුණලා වෙන අලුත් එකක් ගන්නවා…ඒකත් විකුණලා දවසක පොඩි කාර් එකක් ගන්නවා…”

බිදුණු ප්‍රේමය

කසාද බදින හැම එක්කෙනෙක්ටම ස්ථිර රස්සාවක් තියෙන්න ඕනේ ද? ජොබ් එකක් තියෙන්න ඕනේ ද? ගෙයක් තියෙන්න ඕනේ ද?

මෝටර් බයිසිකල් ආදරයට ලයිසන් නැති කළ හැටි

සමීර රංගන නාඔටුන්න මම හිතන්නේ හොද සීනමාවක් මිනිහෙක්ගේ බොක්කටම වැදුනම ඒක ඔහු ගෙදරටම අරං යනවා.ඒක ඔහුගේ හිතට කා වැදිලා තියෙන්නේ.මම දන්නේ නෑ ඔබ ඇයි චිත්‍රපටයේ අවසානයේ රංගන ජීවත්වන වත්තේ ඉන්න චණ්ඩියා (පාතාලේ) යොදවා රංගනව මරන්නේ කියලා.?

එක තැනකදී රංගනගේ බයික් එකට ගහලා රණ්ඩුවක් යන අවස්ථාවක චණ්ඩියා විසින් බේරාගන්නවා.ඊටපස්සේ සිගරට් පෙට්ටියකුත් දෙනවා.රංගනගේ යළුවෙකුත් කියනවා මිනිහා හොද එකෙක් බන් කියලා.එහෙම කියලත් ඔබගේ සිනමා කෘතියේ ඔබ ඔහුව හතුරෙක් ලෙස ඇයි දැක්කේ කියලා මට හිතාගන්නට බැරිය.

දැන් ලයිසන් නැති ආදරය දැනෙන්නේ සබ් කල්ට් එකක ජීවත්වන කොල්ලෙක්ට.!මොකද සිනමා කෘතියේ රියැලිටි ගතිය නැති වුණා. සුදුවෑන්,උයන්වල ලව් කරන්න බැරි එක ඔක්කෝම පෙන්නු  සිනමා පටය එවැනිම වත්තක සිටින කොල්ලෙක්ට ආදරය ලබන්න ලයිසන් දුන්නේ නෑ කිව්වොත් නිවැ‍රැදිය.

දේශපාලනය,ආදරය ලස්සනට ගලා එන මෝටර් බයිසිකල් සිනමාපටය සබ් කල්ට් එකක් තියෙන කොළඹ වත්තක සිටින පතාළ එකෙක්,චණ්ඩියෙක්ව එහෙම තැනකට දැම්මේ ඇයි ද කියලා ප්‍රශ්නයකි.
කවදාවත්,එහෙම වත්තක ඉන්න චණ්ඩියෙක් කවදාවත් පෞද්ගලික ආරවුල් හැර වෙන කිසිවකටවත් ඔය වගේ දෙයක් කරන්නේ නැත.

සමාජය එදත් හිතන්නේ අදත් හිතන්නේ කොළඹ වත්තක ඉන්න එකා චාටර් කියාය.
|මම කොළඹ තරුණයෙක් (ආදරවන්තායෙක්).(කොළඹකාපු එකෙක්)


ප:ලි :- මෙය විචාරයක් නොව අදහසක් පමණක් බව සලකන්න

දනුෂ් ගේ පොල්ලාදවන් වගේ නෙමෙයි මේක වෙනස් ඒ නිසා ජය..!

No comments:

Post a Comment