Thursday, October 6, 2016

‘මෝටර් බයිසිකල්’ ආදරයට ලයිසන් නැති කළ හැටි



” බ්රේක් නැති ජීවිතයක… ලයිසන් නැති ආදරය…”


කොළඹ කියන්නේ ඉතාමත් ජනාකිර්ණ,කාර්යබහුල නගරයක්.ඒ නගරය සුන්දරයි කිව්වට ලස්සනයි කිව්වට ඇත්තටම එහෙම නෑ කියලා  මෝටර් බයිසිකල් චිත්‍රපටයෙන් පෙන්නුම් කරනවා.

ඒ රියලිටි ගතියට ඇත්තටම හැමෝම කැමතිය.සංගීතයේ හඩ ජනාකීර්ණ විදී දිගේ යනවා හරි අපූරුවට.ඒවා යන්නේ කොත්තු කඩ, තැබෑරුම්, පදික වේදිකාවල් ඔස්සේ.අන්තිමට නවතින්නෙ රාත්‍රී සමාජ ශාලාවක. පට්ට..එතනින් එහාට සුදුවෑන් කේස් එකක් …දේශපාලනය ඔබ්බවනවා රියැලිටි විදිහට.

මා කාලයකින් දැක්ක නළුවා “රංගන“ව (දසුන් පතිරණ) අපිට මුණගැහෙන්නෙ එතනදි…විචාරකයෙකු දාන්නේ නැති වචන දැම්මා කියලා තරහා වෙන්න එපා.මං විචාරය නම් කරලා නෑ.රංගන කියන්නේ මියුසික් වලට කැමති,සුපර්ස්ටාර් හීනයක් හා මෝටර් බයිසිකලයකට ආසා කරන කොළඹ වත්තක තරුණයෙක්.එහෙම කිව්වොත් මම නිවැරදි.සමහර අය එක එක වතු වල නම් කිව්වම බයවෙනවා.ඒත් බයවෙන්න දෙයක් නෑ.කොළඹ නගරයේ සබ් කල්ට් එකක් තියෙනවා.ඒක විදින්න ලැබෙන්නෙ නෑ හැමකෙනාටම.ඒත් දසුන් සහ ඔහුගේ මිතුරන් ඒක ගානට කරනවා.

අම්මා සතු එකම වස්තුව වු රන්මාලය උකස් තියලා ලියාපදිංචි නොකල වාහනයක් අරං තමන්ගේ පෙම්වතියත් එක්ක බයිසිකලේ නැගලා යන දවස.දසුන් කණ්ණාඩියෙන් තමන් තමන්වම ආත්ම භාෂණයක් කරගෙන.ඒවට කියන්න වචන නෑ.

මම ආසයි බ්‍රේක් ගහන්න පැද්දි පැද්දි හයියෙන් යන්න..

ඕව් ..! අපි ආසයි අජීත් අයියේ උඹේ ඒ හඩට සහ උඹේ මියුසික් වලට.එකෙන්ම.කිසිම පදිරියක් නෑ.මට මතකයි උඹ එක දවසක් එක තැනක (ප්‍රසිද්ධියේ) මෙහෙම දෙයක් කිව්වා.

‘මම මියුසික් කරනවා චිත්‍රපටයකට..මට සල්ලි වැදගත් නෑ.මට ඕනේ හොද සිනමා කෘතියක්.!’උඹට මේක මතක ඇති කියලා මම හිතනවා.

මම හිතනවා මේක උඹට ලැබුණ හොදම සිනමා කෘතියක් කියලා.

සංගීතය මෙන්ම කැමරා ඇස කැමරාකරණය (විශ්වජිත් කරුණාරත්න) නියමයි.ජය එකෙන්ම !

ලංකාවේ ලව් කිරීම තහනම්

ලංකාවේ ආදරය කරන්න තැනක් ඇත්තේම නෑ.ඒවා ගානට ගෙනත් තියෙනවා.හොල් එකට යන්න බෑ කෙල්ල අදුරන කෙනෙක්,පාරේ ඇවිදන් යන්න බෑ කවුරු හරි දක්කොත් ඉවරයි,බිච් එකට යන්න බෑ මයියොක්කා,තැඹිලි බලෙන් දීලා යනවා, රූම් යන්න බෑ කට්ටිය හිතන්නේ වැඩේට යනවා කියලා.නිදහසේ ආදරේ කරන්න ලංකාවේ තැනක් නැති නිසා තමයි පෙම්වතුන් රූම් ගානේ යන්නේ.නැත්නම් ආසාවට නෙමේ. නිදහසේ ආදරයක් විදින්න යන්නේ.

ආදරයට බාධක

කෙල්ල පණ දෙන්න ආදරය කරනවා.ඒත් කොල්ලා බොක්කෙන්ම ලව්.අන්තිමට මොකද වෙන්නේ අපේ ගෙදරින් කැමති නෑ ඔයාට කියලා.කෙල්ල යනවා.කොල්ලා නිශ්ශබ්ද්දයි.නවත්වමු කිව්වම කොල්ලගේ බොක්ක දගලනවා.කතා කරන්න බෑ.බොක්කෙන්ම ලව් නිසා.රංගන (දසුන්) උඹ ඒ ෆීල්න්ග් එක ගේනවා බන් බොක්කටම වදින්න.

කොල්ලගේ ආදරය මෙන්න…රංගනගේ ආදර හීනය

“අපි හැමදාම මේ බයිසිකලේ පදින්නෙ නෑ…ටික දවසකින් මේක විකුණලා වෙන අලුත් එකක් ගන්නවා…ඒකත් විකුණලා දවසක පොඩි කාර් එකක් ගන්නවා…”

බිදුණු ප්‍රේමය

කසාද බදින හැම එක්කෙනෙක්ටම ස්ථිර රස්සාවක් තියෙන්න ඕනේ ද? ජොබ් එකක් තියෙන්න ඕනේ ද? ගෙයක් තියෙන්න ඕනේ ද?

මෝටර් බයිසිකල් ආදරයට ලයිසන් නැති කළ හැටි

සමීර රංගන නාඔටුන්න මම හිතන්නේ හොද සීනමාවක් මිනිහෙක්ගේ බොක්කටම වැදුනම ඒක ඔහු ගෙදරටම අරං යනවා.ඒක ඔහුගේ හිතට කා වැදිලා තියෙන්නේ.මම දන්නේ නෑ ඔබ ඇයි චිත්‍රපටයේ අවසානයේ රංගන ජීවත්වන වත්තේ ඉන්න චණ්ඩියා (පාතාලේ) යොදවා රංගනව මරන්නේ කියලා.?

එක තැනකදී රංගනගේ බයික් එකට ගහලා රණ්ඩුවක් යන අවස්ථාවක චණ්ඩියා විසින් බේරාගන්නවා.ඊටපස්සේ සිගරට් පෙට්ටියකුත් දෙනවා.රංගනගේ යළුවෙකුත් කියනවා මිනිහා හොද එකෙක් බන් කියලා.එහෙම කියලත් ඔබගේ සිනමා කෘතියේ ඔබ ඔහුව හතුරෙක් ලෙස ඇයි දැක්කේ කියලා මට හිතාගන්නට බැරිය.

දැන් ලයිසන් නැති ආදරය දැනෙන්නේ සබ් කල්ට් එකක ජීවත්වන කොල්ලෙක්ට.!මොකද සිනමා කෘතියේ රියැලිටි ගතිය නැති වුණා. සුදුවෑන්,උයන්වල ලව් කරන්න බැරි එක ඔක්කෝම පෙන්නු  සිනමා පටය එවැනිම වත්තක සිටින කොල්ලෙක්ට ආදරය ලබන්න ලයිසන් දුන්නේ නෑ කිව්වොත් නිවැ‍රැදිය.

දේශපාලනය,ආදරය ලස්සනට ගලා එන මෝටර් බයිසිකල් සිනමාපටය සබ් කල්ට් එකක් තියෙන කොළඹ වත්තක සිටින පතාළ එකෙක්,චණ්ඩියෙක්ව එහෙම තැනකට දැම්මේ ඇයි ද කියලා ප්‍රශ්නයකි.
කවදාවත්,එහෙම වත්තක ඉන්න චණ්ඩියෙක් කවදාවත් පෞද්ගලික ආරවුල් හැර වෙන කිසිවකටවත් ඔය වගේ දෙයක් කරන්නේ නැත.

සමාජය එදත් හිතන්නේ අදත් හිතන්නේ කොළඹ වත්තක ඉන්න එකා චාටර් කියාය.
|මම කොළඹ තරුණයෙක් (ආදරවන්තායෙක්).(කොළඹකාපු එකෙක්)


ප:ලි :- මෙය විචාරයක් නොව අදහසක් පමණක් බව සලකන්න

දනුෂ් ගේ පොල්ලාදවන් වගේ නෙමෙයි මේක වෙනස් ඒ නිසා ජය..!

Monday, October 3, 2016

“නැගිටිව් දෙමළුනි” සහ සිංහල දේශපාලකයාගේ හෙළුව


මෙන්න මෙහෙමයි සටන ආරම්භ වෙන්නේ, උතුරේ මහ ඇමැති විග්නේශ්වරන් නායකත්වයෙන් දෙමළ පිබිදීම උද්ඝෝෂණ ව්‍යාපාරයක් පසුගියදා පැවැත්වුවා.ඒක තමයි විමුක්ති සටන්කාමියෙක් වු ප්‍රභාකරන් නැතිව විශාල සෙනගක් සහභාගි වු එකම ‍රැළිය.ඒකට සහභාගී වුනේ මේ මහින්ද වගේ හෝ රනිල් වගේ සීටිබී බස් වලින් ගෙනාපු අය නෙමේ.

අපේ දකුණේ අය කරන්නේ මොකක්ද මහින්ද සිටිබී බස් වලින් මිනිස්සු ඇද්දා කිය කියා ‘අවුල් ආණ්ඩුවේ’ ‍රැළිවලටත් මිනිසුන්ව අදිනවා සීටීබී බස් වලින්.ඔය මෑතකදී තුවාල වෙච්ච අලියා බො‍රැල්ල කනත්ත ගාව සුව වෙලා ඉන්නවාත් වෛවර්ණ මිනිසා දැක්කා.නොදැක්කා වගේ ආවා.මොනා කරන්නද?

හරි..හරී..කතාව වෙන පැත්තකට යනවනේ.දැන් ඔය කියන උතුරේ දේශපාලකයා නායකත්වය දුන්න ‍රැළියට අපේ දකුණේ අය පට්ටම විරුද්ධයි කියහංකෝ.

එයාලා ඉල්ලුවේ වැඩි දේවල් නෙමෙයි උතුරේ සිදුවන හමුදාකරණය, සිංහලකරණය සහ බෞද්ධකරණය අත්හි‍ටුවන්න කියලා.ඇත්තනේ කතාව…ඉතිං..තමන්ට අයිති ඉඩමක වෙන එකෙක් පොල් හිටවන්න ගියොත් මොන එකාට ද කේන්ති යන්නෙ නැත්තේ..තේරේන බාසාවෙන් කිව්වොත් 2500 ඉතිහාසයක් තුළ උතුරේ වැඩිම පාරම්පරික ඉඩම් දෙමළ ජනතාවට අයිති.සිංහල අපගේ රට තමයි..එහෙම කිය කියනේ ලක්ෂ ගාණක ලේ රස වින්දේ කිරිබත් එක්කලා.

ඔන්න ඕකට විරුද්ධව අපේ  සිංහල බෞද්ධ රටේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කිව්වේ ඉල්ලීම් වලට කන්දීමට කිසිසේත් සුදානම් නැති බවත්,“කොච්චර කෑ ගැහුවත් අපේ වැඩ පිළිවෙල දිගටම කරගෙන යනවා,සමහර අන්තාවාදී පිරිසක් විසින් කියලා තොත්ත බාබා වගේ කියන ලස්සන.එයාලා ඉතිං දේශප්‍රේමීයෝ…ඔයිට වාඩා අන්තවාදීන් මහින්දගේ කාලේ දැකලා නැති රුවන්ට කියන්නට ඇත්තේ දර්ගා නගරයේ වටයක් ගසා එන්න කියාය.

දැන් අපේ ‘පිවිතුරු හෙළ උරුමය’ නොයෝජනය කරන උදය ගම්මන්පිල කියන්නේ “නැගිටිව් දෙමළුනි”යනුවෙන් උතුරේ විරෝධතාන සංවිධානය කරනු ලැබුවේ උතුරේ මහ ඇමති විග්නේශ්වරන් මැතිතුමා බවත්,ඔහුව අත්අඩංගුවට අරගෙන ඇප නැතුව රක්ෂිත බන්ධනාගාර ගත කරාවි දැයි තමන් බලාගෙන සිටින බවට ඔහු ප්‍රකාශ කළා.

මුලින්ම එහෙනම් හිරේ දාන්න ඕනේ අනගාරික ධර්මපාලව.මොකද මිනිහනේ ඔය සංකල්පය ගෙනාවේ.’සිංහලයනි, නැගිටියව්’ කියලා…දකුණේ සිංහලයා කිව්වම හොදයි.උතුරේ දෙමළා කිව්වම නරකයි.අන්න ඕකයි දේසපාලනේ…

අපේ ලංකාවේ සුපර් ස්ටාර්…‍ෆිල්ම් වල විතරක් නෙමේ දෙශපාලනෙ දීත් පුක ඇන ගන්නවා බිම. එයා කියන්නෙ මොකක්ද දන්නවාද?

උතුරේ බුදුපිළිම ස්ථාපිත කිරීම ගැන විග්නේෂ්වරන් විරෝධය පළකරන්නේ නම් දකුණේ ජනතාව කෝවිල් ඉදිකිරීම ඇතුළු කටයුතු ගැන ඔහු පවසන්නේ කුමක්දැයි ඒ  මහතා පෙන්වාදුන්නේය.

වරදක් කර නැති නම් පරීක්ෂණ ගැන රණවිරුවෝ බිය විය යුතු නැති බවත්, එසේ වුවද රණවිරුවන් මෙන්ම මිනීමරුවන්ද හඳුනාගත යුතු බවත්, හෙතෙම පැවසුවේය.

කියලා….සෙල්ලම්ද කොල්ලෝ කිවලු…මේ ලොක්කා ලසන්ත ගැනයි,වසීම් ගේ ඝාතකයන් ගැනයි කිව්වා,ඒත් වැඩක් නැනේ බලේ තිබ්බට ඝාතකයන්ව අල්ලන්න බෑ..පොඩි මිනිස්සු හොරකම් කළා නම් අල්ලලා පොලිසීයට භාරදීලා විඩීයෝ මුහුණු පොතටත් දානවා.

දැන් උතුරේ දෙශපාලකයා අන්තවාදී දකුණේ දේශපාලකය දේශප්‍රේමී.(මහ ජනතාවගේ මුදල් හොරකම් කර කර)


|වෛවර්ණ මිනිසා

ලොක්කන්ට සැලයුට් ‘සොක්කන්ට ගුටි’ දෙන ලංකාවේ පොලිසීය | VIDEO


හොරකම් කලා කියලා මෙහෙම තිරිසන් මිලේච්ජ ලෙස පහර දෙන්න අයිතියක් නැහැ පොලිසියක් තියෙන්නේ නීතීය ක්‍රියාත්මක කරන්න මහ ජනතාවට කිසිදු සදාචාරත්මක අයිතියක් නැහැ නීතිය අතට අරගෙන ක්‍රියා කරන්න මේකෙන්ම තේරෙනවා ලංකාවේ මිනිස්සු කොහි වෙලාවෙත් ගහමු, මරමු, කොටමු ,විනාශ කරමු, ගිනිතියමු වැනි මානසීක ගෝත්‍රික ව්‍යාකුලත්වයෙන් පෙලෙන අය බව.

කෝටි ප්‍රකෝටි ගණන් ජනතා මුදල් කොල්ල කාපු ලෝක හොරුන්ට සැලුයුට් ගහන ගොබ්බ පොලිස්කාරයෝ මේ වගේ අහිසකයෙක් ඉදිරියේ චන්ඩි පාට් දැම්මාට ඇත්තෙන්ම උඹලා වහල්ලු විතරයි.

මේ වගේ අහිසකයෝ ඉදිරියේ වීරයෝ වෙන චන්ඩිපාට් දාන පොලීසියේ මහත්තුරුනි, ලෝකයම දන්න ලෝක හොරු ඉස්සරහා උඹලගේ කකුල් වෙව්ලන නිසාද උන් තාමත් නිදැල්ලේ ඉන්නේ.. පුළුවන් නම් මේ අහිසකයෝ අතෑරලා උන් දිහාට හැරියල්ලා.. !!

එහෙම උනොත් රටේ මිනිස්සු හිතන්න ගනීවි රටේ නීතිය සහ සාමය රකින ආයතන සහ උදවිය ස්වාධීනයි කියලා.


|යහපාලන මිනිසා

VIDEO